එක්තරා වන ලැහැබක පාලක පක්ෂය වනාහී, සුදු හාවුන්ගෙන් සමන්විත වූවකි. විරුද්ධ පක්ෂය, කලු හාවන්ගෙන් යුක්ත ය.
ඔබේ හෝ මගේ රටේ මෙන්ම, වන වැසි සියලු හාවෝද , කලු සුදු ලෙස බෙදෙමින්, කා කොටා ගනිමින් සිටිනා ලදහ. එක්තරා දිනෙක, එම වනයේ, මහ වැසි ඇති විය. වැසි වසින වෙලේ බොහෝ හාවුන් තම ගුල් තුල සැඟවුනද, එසේ කර ගත නොහැකි වූ මහ මඟ ගිය හාවෙක්,ගං වතුරට හසුව ගසා ගියේ ය. ගසා යන හාවා, එක්තරා ගල් ගුහාවකට ඉහළින් පාත් වූ අත්තක් අල්වා ගත්තෙන් යන්තම් එයට ගොඩ විය.ගල් ගුහාව තුළින් උණුසුමත් ආලෝකයත් දැනෙන ලදින්, හාවා අසීරුවෙන් එහි වූ කවුලුවකින් මුහුණ හොවා බැලුවේ ය.
පුදුමයකි! නරි රැසක් එහි කති බොති. කලු, සුදු හා ඇඳුම් රැසක් තැන තැන බිම විසිර ඇත.
No comments:
Post a Comment