එක්තරා කාලයක, එක්තරා රටක , ඝන වනාන්තරයක් විය.
මහත් අවුල් වියවුල් සහිත වු මෙහි , සතුටින් දිවි ගෙවන සතුන්
අතරෙහි ගිරවෙකුද
වූයේය. ගිරවා වනයේ නඩුකාර
තනතුර දරන්නෙකි.
වනයේ
පාලකයා වනාහී සිංහයෙකි. මෙකී පාලකයා අනෙක්
මොනයම් රටක හෝ පරිද්දෙන්ම
ප්රජාතන්ත්රවාදීව සත්ව ඡන්දයෙන් පත් කරගන්නෙකි. සුවයෙන්
කල්ගෙවන සිංහයා කළඹවමින් දේශපාලන
කුණාටුවක පෙරනිමිති පහල වූයේ , එක්තරා
නොවැදගත් සත්වයෙකු සිංහයාට එරෙහිව ගිරවා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සමගිනි. මෙය කිසිවකුත් බලාපොරත්තු
නොවූවකි. පාලකයාට එරෙහි විය නොහැකි ලෙස අණ පනත් සම්ම්ත කරනොගත්තැයි සිතමින් පසුතැවිලි
වන සිංහයා වඩාත් තැති ගත්තේ විරුද්ධ පක්ෂය මේ මොහොතේ බොර දියේ මාලු මාලු බාන්නට සූදානම්
වන අයුරු පෙනෙන්නට වීමෙනි.
මෙය
වනාහී ඕනෑම ජගතෙකු අසරණ වන මොහොතකි. දේශපාලනයෙන්
තොරව වෙන කිසිදු රැකියාවක හුරුවක් නැති මෙම අසරණ සිංහයා, වහා හොර රහසින් නඩු කාර ගිරවා
සොය ගිය අතර ඔබ සිතූ පරිදිම මාධ්‍යයෙන්
වසන් කළ සාමකාමි සාකච්ඡා වට කීපයකට පසු, ගිරවා
සුදු කොඩියක් නඩු කාර මැදුර ඉදිපිට එල්වූයේය. ඉතාම ප්‍රවේශමෙන් මෙය කිරීමට සිදුවූයේ
ඒ වනවිට උගේ එක් තටුවකින් ලේ ගලමින්ද, එක
පයක තැල්මක්ද සහිත වූ බැවිනි. කෙසේ නමුත් ඔබ මෙය වරදවා වටහාගත යුතු නැත. එය ඇත්තෙන්ම,
සිංහයා විසින් සිදු නොකළ බවද, ගිරවා හදිසියේ ලිස්සා වැටීමෙන් සිදූවූ බව ඔවුන් පසුව
ප්‍රකාශ කරනු ඇත.
මෙම
සුදු කොඩිය දැමීම වූ කලී ඔබගේ
හෝ මගේ
රටේ මෙන් , යටත් වීම ඇඟවෙන්නක්
නොව චුදිතයා නිදොස් කල බව දැක්වෙන්නකි.
මේ අතර මාධ්යය
වාර්තා කළේ , ගිරවා සිංහ මැදුරේ සිරගත
කර ඇති බවකි. මෙහි
සත්‍ය අසත්‍ය
කෙසේ වුවත්, ඉන්පසු එම වනයෙහි බොහෝ
සතුන්ට බොහෝ කරදර ඇති
විය. ඕනෑම මොහොතක ගිරවා
පැමිණ " ඔබ රජයට විරුද්ධව
වැඩ කර ඇත. ඔබට විරුද්ධව
විරුද්ධව නඩු පවරමි" කීමේ අනතුර ඇති විය. අවසානයේ සතුන් කෙතරම් පීඩිතව ගියාද කිවහොත්, කිසිවකු ආදරය කිරීමට හෝ උත්සාහයක් නොගත්තහ. සියල්ලෝ ඔහේ වසන්නට වුවෝය.
මේ
අතර එක දිනක් සිංහ මැදුර පිටත මහත් කලබලයක හඬ ඇසෙන්නට විය. සිංහයා වහා පිටතට වුත්,
බැලු කල දකින්නට ලැබුණේ , සියලු සතුන් සාධාරණය ඉල්ලා හඬ නගමින් ඇති බවකි. සිංහයා වහා
මැදුර වෙත ගොස් ඒ වන විට තම මැදුරේම වසන නඩුකාර
ගිරවාගේ කුඩුවේ දොර හැර, එම කලබලය සංසිදුවන්නයිද පිරිස විසුරුවන්නයිද ගිරවාට නියෝග
කළේය. නමුත් සතුන් ගිරවා ප්‍රතික්ෂේප කල අතර, සර්ව බලධාරී දෙවියන් වෙත සාධාරණය පතා
පැමිණිළි කළෝය. දෙවියන් සිංහ මැදුර වෙත ඉතා ගරුසරුව පිළිගන්නා ලදී.
දේව
වාර්තාවේ මුලින්ම දැක්වුයේ, නීතියේ ස්වාධීනත්වය රැකීම උදෙසා ගිරවා නිදහස් කලයුතු බවකි.
අවසානයේ ගිරවාගේ මුවෙහි සිනාවක් මතු විය. ඇත්තෙන්ම ඔබ සිතු පරිදි මෙය සතුටුදායක අවසානයක්
වන්නේ නැත . මන්දයත් ගිරවා නිදහස් කිරීම උදෙසා වෘකයා නරියා සහ කොටියාගෙන් සමන්විත කමිටුවක්
සිංහයා විසින් වහාම පත්කර ගන්නා ලද බැවිනි.
(Chethan Bagath ගේ “
Caged parrot” කෙටි
කථාව ඇසුරෙනි. )
No comments:
Post a Comment