" හිතවත් මිනිස! ඔබට ඉතාම වෙහෙස පාටයි. කරුණාකර මගේ කර මත නගින්න. මා ඔබව ගමනාන්තය කරා ගෙන යමි. " කීවේ ය.
දුප්පත් මිනිසා ඉතා සතුටින් බූරුවා පිට නැගුණේ ය. එකෙණෙහිම බූරුවා මහා හඬින් කෑ ගසා,
" ඔබ ඉතා බරයි. මා එතරම් බර නැත. ඔබ මට වඩා ශක්ති සම්පන්න නිසා මගේ පිටින් බැස, මට ඔබේ පිට උඩ යන්නට දෙන්න" යයි කීවේ ය.
දැන් අර බූරුවා, මිනිසා පිට නැග යයි. එම බරින් පීඩිතව, යන මිනිසාට ටික දුරකදී, කොළ පැහැති බූරුවෙකු කාරුණිකව මිනිසා දෙස බැලූ කොළ පැහැති බූරුවා,
" හිතවත් මිනිස! ඔබ නිසි අහරක් , ඇඳුමක් නැති අයකු බව බැලු බැල්මට පෙනේ.ඒ අතර මේ නිල් පැහැ බූරුවාද, ඔබේ කර මත යයි. කරුණාකර ඔය බරින් නිදහස් වී මගේ පිට මත නගින්න. මා ඔබේ ගමනාන්තය කරා ගෙනයමි" කීවේ ය.
මිනිසා වහා නිල් පැහැ බූරුවා, පන්නා දමා කොළ පැහැ බූරුවා මත නැගුණේය. එකෙණෙහිම, කෑ ගැසූ කොළ පැහැ බූරුවා,
" ඔබ බර වැඩියි. කරුණාකර මා ඔබේ කර මත ගෙනියන්න" යැයි කීවේ ය. දැන් මිනිසා කොළ පැහැ බූරුවා, පිට මත රැගෙන යයි. එම බරින් පීඩිතව යන මිනිසාට, ඉදිරි මග නැවත නිල් පැහැ බූරුවකු සිටින බව පෙනේ.
" ඔබ බර වැඩියි. කරුණාකර මා ඔබේ කර මත ගෙනියන්න" යැයි කීවේ ය. දැන් මිනිසා කොළ පැහැ බූරුවා, පිට මත රැගෙන යයි. එම බරින් පීඩිතව යන මිනිසාට, ඉදිරි මග නැවත නිල් පැහැ බූරුවකු සිටින බව පෙනේ.
No comments:
Post a Comment